FAST NEWS

24×7 Around the Globe

‘වෙඩි කෑ’ සයිටම් ලොක්කා රටින් පැනලා…!

 

මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා පොලිසියට දැනුම් දීමකින් ද තොරව හදිසියේම විදේශගතව ඇත.

ඉකුත් දා ඔහුගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් ඔහු විදේශගත වන්නේ නම් පොලිසියට පෙර දැනුම් දීමක් සිදුකළ යුතුව තිබූ බව පොලිස් මූලස්ථාන ප්‍රකාශකයෙකු පැවසුවේය.

කෙසේ වෙතත් පරීක්ෂණ සදහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

වෛද්‍ය සමීර සේනාරත්න මහතා විදේශගතව ඇත්තේ ඊයේ(10) දිනයේදී බව අනාවරණ වේ.