FAST NEWS

24×7 Around the Globe

මුදල් ඇමැති රවීගේ පත්‍රිකාවට කැබිනට්ටුවෙන් විරෝධය..

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා මුදල් ඇමැති රවි කරුණානායක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඇමැතිවරුන්ගේ දැඩි විරෝධය පළවීම නිසා එය ඉවත් කරගෙන තිබේ.

දේශීිය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළත් දයාසිරි ජයසේකර ඇමැතිවරයා ඇතුළු ඇමැතිවරු එයට විරෝධය දක්වා තිබේ.මෙම පනත් සංශෝධනය පිළිබඳ දේශීය ආදායම් වෘත්තීය සමිතිද විරෝධය දක්වා තිබුණි.

රහසිගතව සකස් කළ නව පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පනතක් ලෙස ඉදිරිපත් කිරීමට මුදල් ඇමැතිවරයා උත්සාහ ගෙන තිබුණි.

එයට ඇමැතිවරු විරෝධය දැක්වීම නිසා එම කැබිනට් පත්‍රිකාව ඉවත් කරගෙන පුළුල් සාකච්ඡාවකින් පසුව සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.