FAST NEWS

24×7 Around the Globe

කටාර් වල විදෙස් ශ‍්‍රමිකයන් වෙනුවෙන් සිදු කර ඇති දේ…

 

කටාර් හි සේවය කරමින් සිටිය දී දරුණු රෝගාබාධවලට ගොදුරු වී නැවත සුවය ලබමින් සිටින අඩු ආදායම් ලාභි විදෙස් ශ‍්‍රමිකයන් වෙනුවෙන් සුරැකුම් මධ්‍යස්ථානයක් විවෘත කිරීමට කටාර් හමාඞ් වෛද්‍ය සංගමය පියවර ගෙන තිබේ.

නැවත මව් රටවල් බලා යන තෙක් අදාල ශ‍්‍රමිකයන් මෙම  මධ්‍යස්ථානය තුළ රැක බලා ගැනෙන අතර වරකට රෝගීන් දොළොස් දෙනෙකුට පමණ රැකවරණය සැලසෙන මෙම මධ්‍යස්ථානය දවසේ පැය 24 පුරාවටම සතියේ දින 7 ම විවෘතව  පවතින බව එම මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

කටාර් රාජ්‍යයේ සේවය සදහා පැමිණෙන විදෙස් ශ‍්‍රමිකයන් රැක බලා ගැනීම හා ආරක්ෂාව සැපයීම තම වගකීම බව පිළිගන්නා කටාර් රාජ්‍යය රෝගීව අසරණ වූ ශ‍්‍රමිකයන් මෙම සුරැුකුම් මධ්‍යස්ථානයේ දී ආරක්ෂාව හා සුභ සාධනය ලැබෙනු ඇත.