FAST NEWS

24×7 Around the Globe

කේට් කුමරියට ලෙඩක්…!

 

පසුගිය දිනක එක්තරා සඟරාවක් කේට්ගේ ශරීරයේ බර අඩුකර ගැනීම පිළිබඳව කළ කතා බහේදී ඔවුන් පවසා තිබුණේ ඇයගේ උස 5’9ක් වන හෙයින් ඇය තම බර කිලෝ 44 දක්වා අඩුකර ගැනීම සඳහා වැරදි මාර්ගයක් තෝරාගෙන ඇති බවයි.

එවැනි ප්‍රකාශයක් කිරීම කෙරෙහි එම සඟරාවට බලපෑ කරුණු ලෙස හුවා දක්වා තිබුණේ ඇයගේ අතේ ඇඟිල්ලක් වෙලුම් පටිවලින් ගැට ගසා තිබිමයි.

ඩයනා කුමරිය ජීවත්ව සිටි සමයේ ඉතා තදින්ම බුලුමියා තත්ත්වයෙන් පීඩා විඳ තිබූ අතර එයට ප්‍රබල ලෙසම බලපෑ කාරණය වී තිබුණේ චාල්ස් කුමරු හැම විටම ඇයගේ ශරීරය පමණට වඩා පෘෂ්ටිමත් බව පැවැසීමයි.

කේට්ගේ අතේ ඇඟිල්ලක් මෙසේ වෙලුම් පටි යොදා තිබිමෙන් ඇය බුලුමියා රෝගයෙන් පෙළෙන බවට නිගමනය කළ හැකිදැයි බොහෝ දෙනෙක් පවසා තිබුනි.

එයට පිළිතුරු ලෙස වෛද්‍යවරයා මෙසේ පවසන ලදි.

එය කාන්තාවන් අතර ඉතා සුලභ සිදුවීමක්. බුලුමියා රෝගයෙන් පෙළෙන බොහෝ කාන්තාවන්ගේ අතේ ඇඟිලි බිඳී යාම හා අත විවිධ අනතුරුවලට ලක්වීම සිදුවනවා. එයට හේතුව ඔවුන් තමන් අනුභව කරන ලද ආහාර නැවතත් වමනය කිරීමේදී උගුරු දණ්ඩ ආසන්නයට අතේ ඇඟිලි දැමීම හේතුවෙන් දෑතේ ඇති ඇඟිලි පුරුක් හා ඇඟිල්ල හැපීමට ලක්වීම නිසා. මෙසේ සිදු වෙද්දී අතට වෙලුම් පටි දැමීමට සිදුවනවා. මෙය ඉතාමත් හොඳ සාක්ෂියක් කේට් කුමරිය බුලුමියා රෝගයෙන් පෙළෙන බවට පැවැසීමට.

මෙම වෛද්‍යවරයා මෙවැනි නිගමනයකට පැමිණ ඇත්තේ කේට් කුමරියගේ ඡායාරූප එකතුවක් නැරඹීමෙන් පසුවය.

එසේම ඔහුගේ අදහස නම් කුමරිය ඉවුම් පිහුම් කටයුතුවලට කැමැත්තෙන් ඉදිරිපත් වුවත් මෙවැනි අනතුරු සිදුවීමට තිබෙන සම්භාවිතාව අඩු බවයි.

චාලට් කුමරිය ළදරු වියේ පසුවන බැවින් ඇය සිය මවගේ ඇඟිලි හැපීම හේතුවෙන් මෙවැනි අනතුරකට කුමරිය නිරන්තරයෙන් මුහුණ දෙනවා විය හැකි යැයි තවත් පුද්ගලයෙකු පවසා තිබුණි.

කෙසේ නමුත් කුමරිය නිසියාකාරව තම ආහාරය ලබා නොගැනීම හේතුවෙන් දිනෙන් දිනම කෙට්ටු විය හැකි බවටත් අදහස් පළවී තිබුණි.