FAST NEWS

24×7 Around the Globe

අඩනින්දේදී දරුවෙකු ප්‍රසූත කළ කාන්තාව…

 

අඩනින්දේදී සිටියදී දරුවෙකු ප්‍රසූත කල පුවතක් refinery වෙබ් අඩවිය අනාවරණය කර තිබේ.

ඇලිස් පේන් නම් අදාළ කාන්තාව දරු ප්‍රසූතිය සඳහා සැරසුනු අවස්ථාවේ වෛද්‍ය උපකරණවල දෝෂයක් හේතුවෙන් වෛද්‍යවරුන් ඇයට අවශ්‍ය ප්‍රමාණයට වඩා නිදිබෙහෙත් ලබා දී ඇති බව වාර්තා වන අතර වෛද්‍යවරු පවසා ඇත්තේ එම මොහොතේ ඇය ප්‍රසූතිය සඳහා සූදානම්ව සිටි බවට නොදැන සිටි බවයි.

නමුත් හදිසියේම ඇය ප්‍රසූතියට සූදානම් බවට වටහාගත් ඇලිස්ගේ ස්වාමි පුරුෂයා අඩ නින්දේ සිටියදීම සිය බිරිඳට ප්‍රසූතියට උපදෙස් දී තිබේ.

එසේම නින්දේ සිටියදීම සෞඛ්‍ය සම්පන්න දරුවකු ප්‍රසූත කරනු දැක වෛද්‍යවරු පුදුම වූ බව එම කාන්තාව සඳහන් කර තිබේ.