FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාව සමග T-20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ – මාලිංගත් ඇතුළට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීම නියමීත තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රීකට් ආයතනය අද (09) නිළ වශයෙන් නිවේදනය කර සිටියේය.

එ අනුව එහි නායකත්වය උපුල් තරංග වෙත හිමීව ඇති අතර කලකට පසුව අබාධයකට ලක්ව සිටි ලසිත් මාලිංග මෙම සංචිතයට එක් කර තිබේ.

තරගාවලිය ලබන 17 වැනිදා ආරම්භ වීමට නියමීතය.

සංචිතය..

01.උපුල් තරංග (නායක)
02.නිරෝෂන් දික්වැල්ල
03.අසේල ගුණරත්න
04.ඩිල්ෂාන් මුණවීර
05.කුසල් මෙන්ඩිස්
06.මීලින්ද සිරිවර්ධන
07.සචිත් පතිරණ
08.චාමර කපුගෙදර
09.සීකුගේ ප්‍රසන්න
10.නුවන් කුළසේකර
11.ඉසුරු උදාන
12.දසුන් චානක
13. ලක්ෂාන් සඳකැන්
14.ලසිත් මාලිංග
15.විකුම් සන්ජය