FAST NEWS

24×7 Around the Globe

මාංලිග සුවය ලැබු බව සුමතිපාල කියයි – තරගාවලි දෙකකටත් එක්වෙයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විස්සයි20 නායක හා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය ආබාධයෙන් මේ වන විට සම්පුර්ණ සුවය ලබා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කොළඹදී අද (09දා) පැවැති මාධ්‍ය හමුවකදී  පැවසීය.

එ අනුව එළැඹෙන ඔස්ට්‍රේලියානු විස්සයි විස්ස තරග සංචාරයට එක්වීම සඳහා ලසිත් මාලිංග සූදානම් බවත්, එසේම මේ වසරේදි එංගලන්තයේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහාත් මාලිංග එක්වෙනු ඇති බව සුමතිපාල මහතා මෙහිදි වැඩිදුරටත් පැවැසීය.