FAST NEWS

24×7 Around the Globe

T20 තරගයකින් ත්‍රිත්ව ශතකයක් තැබූ ප්‍රථමයා මෙන්න… (වීඩියෝ)

 

විස්සයි20 තරගයකදි, ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පත්වීමට 21 හැවිරිදි මෝහිත් අලවට් නම් ඉන්දීය ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සමත්ව තිබේ.

ඉන්දියාවේ පැවැති ෆ්‍රෙන්ඩ්ස් ප්‍රිමියර් ලීග පන්දුවාර විස්ස තරගයකදී ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව මාවි කණ්ඩායම වෙනුවෙන් පන්දු 72කදී මෝහිත් මෙම දක්ෂතාව දක්වා තිබේ.

මෝහිත් ඔහුගේ ඉනිමට හයේ පහර 39ක් හා හතරේ පහර 14ක් ඇතුළත් කරමින් නොදැවී ලකුණු 300ක් රැස්කර ඇති අතර ඒ හේතුවෙන් මාවි කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී ලකුණු 416ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ කඩුලු දෙකක් වැය කරමිනි.

මාවි කණ්ඩායමට පිළිතුරු ලෙස ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායම ලකුණු 200ක් රැස්කල අතර වෘත්තීමය විස්සයි20 ක්‍රිකට් තරග වලදී ඉහළම ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙස ක්‍රිස් ගේල් ඉතිහාසයට එක්ව තිබේ.

වීඩියෝව පහතින්..