FAST NEWS

24×7 Around the Globe

තරංගට අහිමි වූ වර්ෂ සිහි කරමින් චන්දිමාල් හා තිරිමාන්න ගැන සනත් කියූ හැටී…

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ උපුල් තරංගට සිය ක්‍රිඩා දිවියේ වසර දෙකක පමණ කාලයක් අපතේ ගිය බව දකුණු අප්‍රිකාවේ රැඳී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදින් හා සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කරන ලදි.

කෙසේවෙතත් මේ වන විට තරංග කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග සහයෝගයෙන් හා හොඳින් ක්‍රීඩා කරන බවත් ඉදිරි කාලසීමාවේදී තරංගගෙන් තවත් දක්ෂතා දැකගත හැකි වනු ඇති බවත් හෙතෙම මාධ්‍යවේදින් වෙත පවසා තිබේ.

එසේම මෙහිදී දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න පිළිබඳවද තේරීම් කමිටු සභාපතිවරයා අදහස් දැක්විය.

‘අපි මේ දෙදෙනා වෙනුවෙන් විශාල බලාපොරොත්තු තබාගෙන සිටියා. නමුත් දැන් ඔවුන් ගැටලුවකට පත්වෙලා තිබෙනවා. ඔවුන්ට ස්ථාවර වෙන්න ඇති තරම් තරග ලබාදුන්නා’ යැයි සනත් පවසන ලදි.