FAST NEWS

24×7 Around the Globe

කාලය හරහා ගමන් කරන්න ඕනෙ නම් මෙන්න පාලම… (වීඩියෝ)

 

කාලය හරහා ගමන් කල හැකි පාලමක් චීනයේ පිහිටා ඇති බව වාර්තා වන අතර මෙම උමං පාලම මීටර් 400ක පමණ දුරකින් යුක්ත වේ.

මෙම උමග හරහා කිසිවෙකු හෝ ගමන් කලහොත් ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකතනයේ වේලාව පැයක් පසුපසට ගමන් කරන අතර වාර්තා වන පරිදි එය සටහන් වන්නේ ජංගම දුරකතනවල පමණය.

උදාහරණයක් විදියට යම් කෙනෙකු පෙරවරු 07 ට උමගට ඇතුල්වී 07.05 වෙනකොට පිටවුනොත් ඒ කෙනාගේ ජංගම දුරකතනයේ වේලාව සටහන් වන්නේ පෙරවරු 06.05 ලෙසය.

මෙහි විශේෂත්වය වන්නේ නැවත මද වේලාවක් ගිය පසු දුරකතනයේ වේලාව නැවත නිවැරැදි වීමය.

කෙසේනමුත් මේ පිළිබදව සමහරු පවසන්නේ චුම්භක ක්ෂේත්‍රයක බලපෑමකින් හෝ දුරකතන සංඥා කුළුණු දෝශයක් නිසා සිදුවෙන දෙයක් බවයි.

වීඩියෝව පහතින්..