FAST NEWS

24×7 Around the Globe

ගිනි ගැනෙන ෆෝන් බැටරියට පිළියමක්- අලුත් විශේෂ බැටරිය මෙන්න…

 

ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් ගිනි නිවනයක් ඈදා සැදූ නව බැටරියක් හඳුන්වා දී තිබේ.

විශේෂයෙන්ම සැම්සන්ග් ගැලක්සි නෝට් 7 පාරිභෝගිකයන් මෙන්ම අමිහිරි අත්දැකීම් ඇති හවර්බෝඩ් ළබැඳියන්ට, බැටරි ගිනි ගැනීම නිසා ඇතිවන අනතුරු අවම කරගැනීම සඳහා මෙම නව බැටරිය ඉදිරිපත් කොට තිබේ.

ලිතියම් අයන් බැටරියටම අනුගතව නිපදවා ඇති මෙම ගිනි නිවනය, බැටරියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 160ට ළඟා වූ විට ස්වයංක්‍රියව ක්‍රියාත්මක වී බැටරිය පුපුරා යෑම වළක්වන්නේ, ඒ මඟින් ගින්නක් ඇතිවීමට ද ඇති ඉඩ අහුරමිනි.

ඉලෙක්ට්‍රික් කාර් සඳහා භාවිත වෙන අධි ධාරිතා බැටරි සඳහා ඉලක්ක කරගෙන නිමැවුණු මෙම විශේෂ බැටරිය, ස්මාර්ට් ෆෝන් වැනි කුඩා මෙවලම් වලටත් භාවිත කළ හැකි පරිදි සකස් කළ හැකි බවට පර්යේෂකයන් ප්‍රකාශ කර සිටිති.