FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්‌ත ප්‍රහාරයක් සිදු වුවොත් ‌ වගකිව යුත්තේ ඡේම්ස් – ට්‍රම්ප්

ඇමෙරිකාව තුළ ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ සිදු වුවොත් දිසා විනිසුරු ඡේම්ස්‌ රොබට්‌ එහි වගකීම භාර ගතයුතු යෑයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සංක්‍රමණිකයන්ගේ පැමිණීම තහනම් කරමින් තමා දුන් නියෝගයට වාරණයක්‌ පැවැත්වීමට විනිසුරු රොබට්‌ කටයුතු කිරීම ගැන ට්‍රම්ප් චෝදනා නගමීන් මෙ බව සඳහන් කර ඇති බව සඳහන්.

විනිසුරුගේ මෙම වාරණ නියෝගය නිසා දේශසීමා ඔස්‌සේ ඇමරිකාවට පැමිණෙන පිරිස්‌ විමර්ශනය කිරීම බරපතල ප්‍රශ්නයක්‌ බවට පත්වී ඇති බවද හෙතම අවධාරණය කර තිබේ.

ඇමරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සවුදි අරාබියාව – එමීර් රාජ්‍යය ඊජිප්තුව සහ ලේබනනය යන රටවලට අයත් වූවන් වන අතර ට්‍රම්ප් සිය තහනම් නියෝගය එකී රටවලට ක්‍රියාත්මක කර නැත ඇති බව විදෙස් පුවත් වාර්තා පෙන්වා දෙයි..