2017 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සැලසුම් කරන ලද ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන පෙබරවාරි 20 වැනිදා බැංගලෝරයේදී පැවැත්වීම නියමීත බව ඉන්දීය ක්‍රීකට් පාලක මණ්ඩලය සඳහන් කරයි.
එ අනුව එහි ඉන්දීය රුපියල් කෝටි දෙකක් වන ඉහළම ලන්සුව සහිත වෙන්දේසියට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 7 දෙනා අතර ස්ථානයක් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් මැතිව්ස්ට හිමීව තිබේ.
එ අනුව මැතිව්ස් සමග ඉහළම ලංසුවට ඇතුළත්ව සිටින්නේ එංගලන්ත ක්‍රිකට් පිලේ එක් දින නායක ඉයන් මොර්ගන්, බෙන්ස්ටෝක්ස්, ක්රිස්වෝක්ස්, ඉන්දීය පිලේ ඉෂාන්ට් ෂර්මා, හා ඕස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන් සහ පැටි කුමින්ස් යන ක්‍රීඩකයන්ය.
ඉන්දීය රුපියල් කෝටි එක හමාරක් වූ මූලික ලංසුව යටතේ එංගලන්තයේ ජොනී බෙයාස්ටෝ, ඔස්ට්‍රේලියාවේ බැඩ් හැඩින්, නෙදන් ලයන්, කොදෙව් පිලේ ජේසන් ගෝල්ඩර්, දකුණු අප්‍රිකාවේ කයිල් ඇබොට් හා නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් වෙන්දේසියට ඇතුළත්ව සිටිති.
මෙම වෙන්දේසියට ක්‍රීඩකයන් 799 දෙනකුගේ නම් අතුළත්වන අතර වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් 24 දෙනකු ද ඊට අයත්ය.