FAST NEWS

24×7 Around the Globe

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය එතනින් ඉවතට…

 

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත්කර ලයිට් හවුස් හෝටලය ආශ්‍රිත ප්‍රදේශයට ගෙන යාමට සැලසුම් කර ඇති බව ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ගාල්ල වැකුණගොඩ ඉදිකරනු ලබන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව නිල නිවාසයට මුල්ගල් තැබීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය.

ගාල්ල මහ නගර සභා සීමාව පුළුල් කිරීමට තිරණය කර ඇති බවත් ඒ අනුව ගාල්ල නගරයේ වෙනස්කම් රාශියක් කළ යුතුව තිබෙන අතර ගාල්ල නගර මධ්‍යයේ තිබෙන පොලීසිය එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට ගෙනයන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩාංගණයක් හා මලල ක්‍රීඩාංගණයක් ඉදිකරන බවත් මෙම දිස්ත්‍රික්කයේ ඉදිරියේදී නගරය පුළුල් කරමින් වෙනස්කම් රාශියක් සිදුකරන බවද අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.