FAST NEWS

24×7 Around the Globe

ජේ.ආර්ගේ රහසක් අවුරුදු 30කට පසු CIA හෙළිකරයි…

 

ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන්, මෙරට සංචාරයක නිරතවූ අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වූ පීටර් ගැල්බ්‍රෙයිත් සමග පැවසූ කරුණු කාරණා තවදුරටත් රහස්‍ය නොවන වාර්තාවක් බවට පත්කරමින් CIA සංවිධානය ප්‍ර‍කාශ කර ඇතැයි හින්දු පුවත්පත පවසන ලදි.

පිටත මිතුරන් කිසිවකුත් තමාට සහයෝගය නොදක්වන බැවින් ඉන්දීයාව සමඟ ගිවිසුමකට අත්සන් තැබීමට සිදු වූ බව ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මෙහිදී පවසා ඇතැයි වාර්තාවේ සඳහන්වන බව ද හින්දු වෙබ් අඩවිය පවසනු ලැබීය.

ජේ.ආර් ජයවර්ධන මහතා දෙවරක් රජයේ හමුදාවලට යාපනය අල්ලා ගන්නැයි අණ දුන්නද ඉන් සිදුවිය හැකි ජීවිත සහ දේපළ හානිය වැඩි නිසා හමුදාව එය ප්‍රතික්ෂේප කළ බව ජයවර්ධන මහතා පීටර් ගැල්බ්‍රෙයිත් සමඟ පවසා තිබේ.

දෙමළ සුළු ජාතිකයන් හට බලය බෙදාහැරීමත් දමිළ භාෂාව රාජ්‍ය භාෂාව ලෙස හඳුනාගැනීමත් යන පොරොන්දු වලට ප්‍රතිචාරයක් ලෙස හමුදා සහාය ලබාදීමට ඉන්දීයාව එකඟත්වය පළ කර ඇති අතර ඉන්දීය සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඒ අනුවය.