FAST NEWS

24×7 Around the Globe

ඇලෙස්ටයාර් කුක් ඉල්ලා අස්වෙයි – වාර්තා පොතුත් ලියැවෙයි..

එංගලන්ත ටෙස්ට් ක්‍රීකට් නායක ඇලෙස්ටයාර් කුක් නායක්වයෙන් ඉල්ලා අස්වීමේ තීරණය ඊයේ (06) පස්වරුවේ එංගලන්ත ක්‍රීකට් ආයතනය වෙත ලබා දී ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර සිටියි.

පසුගියදා ඉන්දීයාව සමග පැවති තරග 05 කින් සමන්විත ටෙස්ට් ක්‍රීකට් තරගාවලිය 4-0 ලෙස පාරාජයට පත් වීම කුක් සිය නායකත්වයෙන් ඉවත් වීමට හේතු වී ඇති බවද එම වාර්තා පවසයි.

2010 සිට 2016 දක්වා කාල සීමාව තුළ  ටෙස්ට් තරග 59 කට  නායකත්වයය ලබාදෙමීන් එංගලන්ත ටෙස්ට් ක්‍රීකට් තරග වැඩිම ප්‍රමාණයකට නායකත්වය දුන් නායකයා ලෙස කුක් වාර්තා පොත් අතරට එක්වෙයි.

එසේම ඉන් තරග 24ක ජය සිය  නායකත්වයෙන් කණ්ඩායම වෙත ලබා දුන් කුක් යටතේ තරග 22 ක් පරාජයට පත් තිබේ.

එසේම එංගලන්ත 80 වැනි ටෙස්ට් ක්‍රීකට් නායකත්වයට ජොයි රුට් පත්වනු ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා අනාවරණය කර සිටියි.