FAST NEWS

24×7 Around the Globe

හෘදයාබාධ සදහා ක්ෂණික පිළියමක් රාජිතගෙන්…

 

හෘදයාබාධයක් ඇති වුවහොත් ක්ෂණිකව ප්‍රතිකාර කර ඉන් රෝගියා ගලවා ගැනීම සදහා විදේශිය රටක නිෂ්පාදිත ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න දැන්වීය.

දැනට එම ඖෂධයක් රුපියල් 120,000 කට අලෙවි වන අතර, ඊට වඩා අඩු මුදලකට ලංකාවට මෙම ඖෂධය ගෙනඒම සදහා සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.

හෘදයාබාදය ඇති වී පැය 03 ක කාලයක් ඇතුළත මෙම ඖෂධය ලබාදීමෙන් රෝගීයාගේ ජිවිතය බේරාගත හැකි බවත් ඉදිරියේදී ඕනෑම රෝහලක හෝ ජංගම සායනයක දී මෙම ඖෂධය ලබාදීමේ හැකියාව උදාවනු ඇති බවත් ඔහු පැවැසීය.