FAST NEWS

24×7 Around the Globe

තෙවැනි පරාජයට හේතුව දික්වැල්ල කියයි – තුන් ඉරියව් ගැටලුවත් එළියට..

අපි තරුණ කණ්ඩායමක් යැයි යන කාරණය හැමදාමත් පැවැසිය නොහැකි බව සත්කාරක දකුණූ අප්‍රිකා කණ්ඩයම පැවති තෙවැනි එක්දින තරගය පරාජයට පත් වීමෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමීන් නිරෝෂන් දික්වැල්ල සඳහන් කළේය.

තෙවැනි එක්දින තරගයේදී යහපත් ආරම්භයක් ලබා ගැනීමෙන් පසුව පන්දුවාර 25ක් අවසානයේ කඩුලු 3කට ලකුණු 115ක් වැනි හොඳ තත්ත්වයක තම කණ්ඩායම සිටියද මීමැස්සන් ක්‍රීඩාංගණයට පැමිණීම හේතුවෙන් තරගය පැයකට අධික කාලයක් නවතා තිබීම ඒ මොහොතේ තරගයට ලොකු බලපෑමක් වූ බව දික්වැල්ල මෙහිදි පෙන්වා දුන්නේය.

“එහෙම තරගය අතරමඟ නැවැත්වීමත් අපට බලපෑව. අනෙක එක වෙලාවක අපි ඔක්කොම එකම රිද්මයකට ඇවිල්ල ගහන්න ඕන. මෙහෙම ගිහිල්ල එහෙම අවස්ථාවක් එනවා. මම ලකුණු හැත්තෑ ගණනක් ලබා ගත්තත් මටත් තිබුණා ඊට වඩා වැඩි දායකක්වයක් ලබා දෙන්න. තණ තීරුව මුලදී පිතිකරුවන්ට අපහසු වුණත් ඉදිරියට යනකොට අවසානයේ පිතිකරුවන්ට ඉතා හොඳ තණතීරුවක් වුණා” යනුවෙන් පැවැසීය.

කණ්ඩායමක් වුණාම 11 දෙනාම එදා දවසේ හොඳින් ක්‍රීඩා කර දක්ෂතා දැක්විය යුතුයි නේද? යනුවෙන් මෙහිදි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ දික්වැල්ල “ඔක්කොම නැති වුණත් කණ්ඩායමේ දෙන්නෙක් තුන්දෙනෙක් ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න ඕන. එහෙම සැලැසුමක් එක්ක පුහුණුවීම්වලදී කටයුතු කරන්න ඕන. කොහොම වුණත් දකුණු අප්‍රිකාව කියන්නෙ සෑම අංශයකින්ම ඉහළින් ඉන්න කණ්ඩායමක්” යනුවෙන්ද කීය.

එම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහතා, ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ, කණ්ඩායමේ සමබරතාව රැකගැනීම සඳහා තුන් ඉරියව් ක්‍රීඩකයන් යොදා ගත් බවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු යනු දක්‍ෂ පිතිකරුවකුද විය යුතු බවත්ය.

පසුගිය සෙනසුරාදා (04) පැවති තුන්වැනි එක් දින තරගයෙන්ද පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලියද 3-0ක් ලෙස දැනටමත් පරාජයට පත්වී  සිටියි.