FAST NEWS

24×7 Around the Globe

මහජන බැංකුව නිදහස සැමරූ හැටී…

 

ශ්‍රී ලංකාවේ 69 වන ජාතික නිදහස් දිනය සමරමින් මෙවරද මහජන බැංකුව ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා පිහිටි බැංකු ශාඛාවල විවිධ උත්සව රැසක් සංවිධානය කර තිබිණ.

ඒ අතර, මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ  නිදහස් සැමරුම් උත්සවය මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ යටතේ පෙබරවාරි 01 වැනි දින සිට 07 වැනි දින දක්වා සතිය තුළ මෙරට උපත ලබන සෑම  බිලිදෙකු වෙනුවෙන්ම රු 500/= ක් වටිනා ඉසුරු උදාන තෑගි සහතිකයක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා තිබේ.

දේශිය අභිමානය ජනිත කිරීමේ අරමුණ පෙරදැරිව මෙන්ම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් තුළ කිසියම් ඉලක්කගත අරමුණක් ඇති කිරීම තේමා කරගනිමින් මහජන බැංකුව මෙම වැඩ පිළිවෙළ ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය.

ළගම පිහිටි මහජන බැංකුවට මෙම තෑගි සහතිකය ඉදිරිපත් කර දරුවා වෙනුවෙන්  ඉසුරු උදාන ගිණුමක් විවෘත කරවාගෙන මුදල් තැන්පත් කරමින් ඉදිරියට පවත්වාගෙන යා හැකි අතර මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ මහජන බැංකු කාර්ය මණ්ඩලය බිලිඳුන් උපන් රෝහල් වෙතම ගොස් මෙම තිළිණ එම දරුවන් වෙනුවෙන් ප්‍රදානය කිරීමයි.