2016 සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට ගලා ආ සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් බවත් එය පූර්ව වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 54%ක පහළ යාමක් බවත් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවැසීය.
පසුගියදා කරන ලද කරුණු දැක්වීමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර 2015 මුල් මාස 09 තුළ ඩොලර් මිලියන 970 ක සෘජු විදෙස් ආයෝජන මෙරටට ගලා ආ බවත් එය ඩොලර් මිලියන 450 ක් දක්වා මෙම වසරේ සැප්තැම්බර් 30 වන විට අඩු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පවසා සිටියේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, ආයෝජන මණ්ඩලය විසින් ප්‍රවර්ධන කටයුතු ඉහළ නැංවිය යුතු බවත්, විදෙස් ආයෝජකයින් මෙරටට ගන්වා ගැනීමේ දී, දැනට පවතින නීතිරීති ඒ සඳහා යෝග්‍ය නොවන බවත්ය.









