FAST NEWS

24×7 Around the Globe

රනිල් ළගදීම කරන වැඩමුළුව ගැන ඇමති වජිර කියයි…

 

දේශපාලන කරළියට පැමිණෙන නවකයන් රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ළඟදීම වැඩමුළුවක් පවත්වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වජිර අබේවර්ධන මහතා මෙසේ පැවැසීය.

‘මම අගමැතිතුමාවත්, ජනාධිපතිතුමාවත් මේ සම්බන්ධයෙන් දැනුවත් කළා. විශේෂයෙන් දේශපාලන කරළියට පැමිණෙන නවක උදවිය රාජ්‍ය තන්ත්‍රයේදී කොහොමද කටයුතු කරන්නේ කියලා ළඟදීම අගමැතිතුමා වැඩමුළුවක් පවත්වනවා. ඒ වගේ සිද්ධීන් අපි නිවැරදි කරගත යුතුයි. විෂයභාර අමාත්‍යවරයා විදිහට රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට මම කටයුතු කරනවා’ යනුවෙන්ද අමාත්‍යවරයා පැවැසීය.