FAST NEWS

24×7 Around the Globe

කට වහගන්නැයි චන්ද්‍රිකා දන්වයි- ශ‍්‍රීලනිප ඇමතිවරු කටහවගනිති…

 

මීලග ජනාධිපතිවරණයටත් ශ‍්‍රීලනිප අපේක්‍ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම යැයි සිදු කරන ප‍්‍රකාශ නවතා දමන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එසේ පවසන ඇමතිවරුන් කිහිප දෙනෙකුට දන්වා තිබේ.

මේ වන තෙක් ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාව තුල එවැන්නක් යෝජනා සම්මත කරගෙන නැති බවත් පසුගිය ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුද සිහියේ තබාගත යුතුව ඇති බවත් ඇය එම පිරිසට දැඩිව අවධාරණය කර ඇත.

එම දැනුම්දීමෙන් පසු 2020 ජනාධිපති අපෙක්‍ෂකයා සම්බන්ධයෙන් අදහස් පල කිරීම ශ‍්‍රිලනිප ඇමතිවරුන් සීමා කර තිබේ.