FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකා ක්‍රීඩක තාහිර්ට ICC යෙන් දැඩි අවවාදයක්..(වීඩියෝ)

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහිර්ට ජාත්‍යන්තර ක්‍රීකට් නීති උල්ලංඝනය කළැයි පවසමීන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැඩි ලෙස අවවාද කර ඇති බව ක්‍රීඩා මාධට වාර්තා සඳහන් කරයි.

එ පසුගිය 22 වැනිදා ජොහැන්නස්බර්ග් හිදි ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස තරඟයේදී  අසේල ගුණරත්නගේ කඩුල්ල දවා ගැනීමෙන් අනතුරුව ඉම්රාන් තාහිර් තමන් ඇද සිට ටි ෂර්ටය උස්සා ඊට යටින් ඇඳ සිටි ඇදුමේහි චිත්‍රණය කර තිබූ රූපයක් ප්‍රේක්ෂයන් වෙත ප්‍රදර්ශයන කිරිම හේතුවෙනි.

පාකිස්ථාන ජාතික ගායකයෙකු වන ජුනයිඩ් ජම්ෂෙඩ් නැමැත්තාගේ රූපය ඔහු ඇඳ සිටි යට ඇදුමෙහි චිත්‍රණය කර තිබූ අතර, මොහු පසුකාලීනව ආගමික නායකයෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇති බව පැවසේ.

එ අනුව මෙය ජාත්‍යන්තර ක්‍රිකට් නීති උල්ලංඝනය කිරීමක් ලෙස ICCය සඳහන් කර ඇති බවට වැඩිදුරටත් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර සිටියි.