ඔලිම්පික් රන් පදක්කම් 9 ක හිමිකම් කියන ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ට ඉන් එක් රන් පදක්කමක් නැවත භාරදීමට සිදුවඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එ 2008 බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 100 සහාය දිවීමේ ඉසව්වට ඔහු සමග සහභාගීවූ ක්‍රීඩකයෙකු තහනම් උත්තේජක භාවිත කළ බවට තහවුරු වීම හේතුවෙනි.
2008 බීජි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ජැමෙයිකා කණ්ඩායම නියෝජනය කරමින් ධාවනයේ යෙදුනු නෙස්ටාර් කාටර් මෙසේ තහනම් උත්තේජක භාවිත කර ඇති බවට තහවුරුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව ජැමෙයිකාවට එහි රන් පදක්කම අහිමිවීම හේතුවෙන්, මලල ක්‍රීඩවෙන් ඔලිම්පික් රන් පදක්කම් 9 ක් ලබාගත් පළමු ක්‍රීඩකයා වීමේ දුර්ලභ අවස්ථාව උසේන් බෝල්ට්ට අහිමිවේ.
බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී නියැදි 4500 කට අධිප ප්‍රමාණයක් පරික්ෂාවට ලක්කල අතර, ඉන් වැරදි කරුවන් වූයේ 9 දෙනෙකු පමණි.
කෙසේ වෙතත්, ඉන් නියැදි 454 ක් නවීන පහසුකම් යටතේ පරීක්ෂා කිරීමට ගත් තීරණය අනුව නෙස්ටාර් කාටර්ගේ නියැදියද පසුගිය වසරේ පරික්ෂාවට ලක්කර ඇත.
එහිදී ඔහු තහනම් උත්තේජක භාවිත කර ඇති බව තහවුරුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.