අර්ජුන් මහේන්ද්‍රන් මහතා රජයේ තනතුරක් තවමත් හොබවන බවත්, ඔහු අග්‍රාමාත්‍යවරයාගේ විදේශ සංචාරවලට පවා සහභාගී වන බව ඇඟවීමට පෞද්ගලික රූපවාහිනී ජාලයක ප්රවෘත්ති ප්‍රකාශය මගින් පැරණි දර්ශන කිහිපයක් උපයෝගී කරගනිමින් ජනතාව නොමඟ යැවීම සඳහා වංචනික උත්සාහයක යෙදෙන බව පෙනේ යැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ රජයේ කිසිදු තනතුරක් මේ වනවිට නොදරන බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබියදීත් පැරණි දර්ශන හා පුවත් නිවේදන හුවා දක්වමින් පළ කරන සාවද්‍ය ප්රවෘත්ති පාර්ලිමේන්තුවට කරන අපහාසයක් බවද එම නිවේදනයේ දැක්වෙයි.
පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ ස්විට්සර්ලන්ත චාරිකාවට අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහභාගී නොවූ බවද අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරන බව එම නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව, මෙවැනි අසත්‍ය තොරතුරු වාර්තා කිරීම මාධ්‍ය සදාචාරය පමණක් නොව විද්‍යුත් මාධ්‍යයේ නෛතික බැඳීම්ද උල්ලංඝනය කිරීමක් බව එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
හිටපු මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් අගමැතිවරයා සමඟ පසුගිය දා ඉන්දුනිසියාවේ සංචාරය සඳහා රජයේ නියෝජිතවරයෙකු ලෙස සහභාගි වූ බව දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් සිය රූපවාහිනි නාලිකාවේ ප්රවෘත්ති විකාශනයේදි විකාශය කලේ ‘සිරස’ මාධ්‍ය ආයතනයයි.
එමෙන්ම පසුගිය සතියේදී ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් හී පැවති ලෝක ආර්ථික සමුළුවට අගමැතිවරයා ප්රමුඛ කණ්ඩායමේ සාමජිකයකු ලෙස ද අර්ජුන් මහතා සහභාගි වී ඇති බව රූප රාමු සහිතව එම රූපවාහිනි නාලිකාව විකාශය කළේය.