FAST NEWS

24×7 Around the Globe

රවි කරුණානායක මුදල් ඇමති ධුරයෙන් ඉවතට…??

 

මුදල් ඇමති රවි කරුණානායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කර තිබේ.

මුදල් ඇමතිවරයාට එරෙහිව ආණ්ඩුවේ එජාප හා ශ‍්‍රිලනිප මැති ඇමතිවරුන් විසින් සිදු කරනු ලැබ ඇති කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් ඔහු එම ධුරයෙන් ඉවත් කරනු ඇතැයිද එම වාර්තාවන්හි සදහන්ය.

රවි කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්නයෙන් විශේෂ සාකච්චාවක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත්වෙනු ඇති බවත් ඉදිරියේදී මුදල් ඇමති ධුරය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා යටතේ තබාගැනීමටද අවධානය යොමු වී ඇතැයි වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.