FAST NEWS

24×7 Around the Globe

සේවක අර්ථසාධක අරමුදල කළ සුරැකුම් පත් ගනුදෙනු විමසයි..

2015 සහ 2016 වසරවලදී රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ සේවක අර්ථසාධක අරමුදල විසින් සිදුකරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මුදල් මණ්ඩලයේ උපදෙස් මත  මෙම පරික්ෂණ සිදු කෙරෙන බවද සඳහන්.

සේවක අර්ථ සාධක අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෑත කාලයේ පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ අදහස් දක්වමින් මහ බැංකුව මෙම නිවේදනය සිදුකර තිබේ.