FAST NEWS

24×7 Around the Globe

“Lambada” ගැයූ ‘Loalwa’ගේ මළසිරුර හමු වූ හැටී…

 

ලොව පුරා රසිකයන් අතර ඉතාමත් ජනප්‍රිය ගීතයක් වූ “Lambada” ගීතය ගැයූ Loalwa Braz මියගොස් තිබේ.

ඇයගේ මළසිරුර හමුවී ඇත්තේ බ්‍රසීලයේ  Saquarema ප්‍රදේශයේ ඇගේ නිවස ආසන්නයේ මෝටර් රථයක තිබියදීය.

මියයන විට Loalwa Braz 63වන වියේ පසුවූ අතර 1989 වසරේදී Kaoma සංගිත කණ්ඩායම විසින් ගායන කළ “Lambada”  ගීතය පෘතුගීසි බසින් ගායනා කළේ Loalwa Braz විසිනි.

මෙම ගීතයේ තනුව උපයෝගී කරගනිමින් නිර්මාණය කළ මරියසෙල් ගුණතිලක හා පියල් පෙරේරා ගායනා කරන “ආදරේ ඔබ මා හට ඇතිද කියා” ගීතය ලංකාව තුළද ප්‍රචිලත විය.

කෙසේ වුවත්  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ මරණය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මරණය සිදුවූ ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

1989 වසරේදී ලොව පුරා ජනප්‍රිය වූ Lambada ගීතය සහ ආදරේ ඔබ මා හට ගීතය පහතින්..

“ආදරේ ඔබ මා හට ඇතිද කියා” ගීතය