FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස් නායකත්වයෙන් අස්වීමට ඉල්ලයි – තිලංග සුමතිපාල හෙළි කරයි…!

 

දිගින් දිගටම සමාජ ජාල වෙබ් අඩවි හරහා එල්ල වන චෝදනා හේතුවෙන් වරෙක මැතිව්ස් කලකිරී නායකත්වයෙන්ද ඉල්ලා අස්වීමට තමන්ගෙන් ඉල්ලීමක්ද කළ බව තිලංග සුමතිපාල සදහන් කලේය.

ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ දකුණු අප්‍රිකාව සමග ඊයේ(22) පැවැති දෙවන පන්දුවාර විස්ස තරගයේදී එම පිරිසට මැතිව්ස් පිත්තෙන් පිළි‍තුරු ලබා දුන් බවයි.

මේ හේතුවෙන් තිලංග සුමතිපාල පැවසුවේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රිකට් අනාගතය අදුරු කිරීමට සමාජ ජාල වෙබ් අඩවි හරහා සුලු පිරිසක් උත්සහා දරමින් සිටින නිසා ඇන්ජලෝ මැතිව්ස්ද මානසික වශයෙන් දැඩි කල කිරීමකට පත්ව සිටින බවයි.

කෙසේ වෙතත් ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තමන් මැතිව්ස්ට සමාජ ජාල වෙබ් අඩවි වල පළවන වාර්තා වල සැබෑ තත්වය පහදා දුන් බවයි.

ෆේස්බුක් ඇතුලූ සමාජ ජාල වෙබ් අඩවි හරහා ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කළයුතු බවට ඉකුත් දිනවල විවිධ සටහන් පළකෙරුණි.