FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති රට අතහැර පළායයි… (ඡායාරූප)

 

ජනාධිපතිවරයෙන් පරාජයට පත් ගැම්බියාවේ හිටපු ජනපති යහ්යා ජම්මෙහ්  මහතා  නව නායකයාට අවස්ථාව ලබාදෙමින් රටින් පලාගොස් ඇති බව වාර්තා වේ.

එසේ පලගොස් ඇත්තේ අසල්වාසී රාජ්‍යයන්ගෙන් එල්ලවූ තර්ජන හේතුවෙන් බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවද බලය අත්නොහැර සිටි පසුබිමක, කලාපයේ නායකයන් රැසක් හිටපු ජනපතිවරයාට බලය අත්හරින ලෙස ඉල්ලීම් කළද ඔහු සිය ජනාධිපති බලතල ප්‍රයෝජනයට ගෙන එරට පාර්ලිමේන්තුවටද අභියෝග කර තිබුණි.

කෙසේ වෙතත් අසල්වැසි රාජ්‍යයන් සිය හමුදාමය බලය දේශසීමා වෙත යොමු කිරීම හේතුවෙන් පරාජයට පත්වූ හිටපු ජනාධිපතිවරයා ගිනියාව බලා පළාගොස් ඇති බව වාර්තා වෙයි.

වසර 22 ක කාලයක් ඔහු එරට අඛණ්ඩව බලයේ සිටි අතර පසුගිය ජනාධිපතිවරණයෙන් අඩමා බැරොව් ඉදිරියේ පරාජයට පත්වුවත් මැතිවරණ ප්‍රතිඵලයට අභියෝග කරමින් බලය අත්හැරීම ඔහු ප්‍රතික්ෂේප කොට තිබිණ.

ඡායාරූප පහතින්..

Image result for රටින් පලාගොස්