FAST NEWS

24×7 Around the Globe

විමල්ගෙ හා මහින්දගෙ ඉලක්කයට හසු වෙන අය හෙළි වෙයි…

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව බරපතල ලෙස විවේචනය නොකොට, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන භාවිතාවට එරෙහිව කොන්දේසි විරහිතව පහර දෙන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා බන්ධනාගාරයේ සිට එම පක්ෂයේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ ඊයේ (22) පැවති ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මහා සමුළුව ඇමතු එම පක්ෂයේ සියලු කථිකයින් පාහේ අගමැතිවරයා ඉලක්ක කර ගනිමින් බරපතල විවේචන එල්ල කළේය.

එසේම, මෙම 27 වැනිදා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩදී පැවැත්වෙන රැලියේ දී ද අගමැතිවරයා ඉලක්ක කර ගනිමින් ප්‍රචාරක කටයුතු දියත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට දැනුම්දී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම පහර දෙන ලෙසයි.

එහෙත්, වාසුදේව නානායක්කාර ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් නායකයින් ඊට එරෙහිවී තිබේ.