බෞද්ධයා රූපවාහිනි නාළිකාව ආරම්භ කර දස වසරක් සපිරීම නිමිත්තෙන් මේ මාසයේ සිට විශේෂ වැඩසටහන් කිහිපයක් අලුතින් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
මේ විශේෂ වැඩසටහන් යටතේ “අඳුරට එළියක්” සාකච්ඡාමය වැඩසටහනක් හඳුන්වාදීමට නියමිතය. වත්මන් සමාජයේ පවුල් ඒකකයේ පවත්නා විවිධ සංකීර්ණ ගැටලුවලට බෞද්ධ දර්ශනයෙන් ලබාගත හැකි පිළිසරණ පිළිබඳව “අඳුරට එළියක්” වැඩසටහන සෑම ඉරිදා දිනකම රාත්‍රි 9ට විකාශය කෙරේ.
මෙහි පළමු වැඩසටහන සඳහා මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමියන් සහ ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා සම්පත්ධාරීහු ලෙස සහභාගි වෙති. නීතිඥ ශෂික ජයතිලක විසින් වැඩසටහන මෙහෙයවනු ලබයි.”යතිවර අබිමන්” නමින් තවත් වැඩසටහනක් හඳුන්වාදීමට නියමිතය.
ජනවාරි මස 26 වැනි දිනට යෙදෙන අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ 84 වැනි ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේගේ ජීවන තොරතුරු සහ ශාසනික සේවය අළලා සැකසුණු විශේෂ වාර්තා වැඩසටහනක් ජනවාරි මස 25 වැනි බදාදා රාත්‍රි 9ට විකාශය කෙරේ.
ප්‍රවීණ මාධ්‍යවේදී නිව්ටන් ගුණරත්න මහතා එම වැඩසටහන මෙහෙයවනු ලබයි. ලබන පෙබරවාරි මස 4 දිනට යෙදෙන 69 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් විශේෂ සාකච්ඡාමය වැඩසටහනක් එදින පෙරවරු 11.30ට විකාශය කිරීමට කටයුතු යොදා ඇත.
මේ වැඩසටහන සඳහා සම්පත්ධාරීහු ලෙස දරණාගම කුසලධම්ම නාහිමියන් සමඟ බුද්ධ ශාසන සහ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ හිටපු කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර යන මහත්වරු සහභාගි වෙති.සහන් වනිගරත්න මහතා විසින් මේ වැඩසටහන මෙහෙයවනු ලබයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.