FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය ගෙඩිය පිටින්ම අලූත් පක්‍ෂයට එක්වෙයි…

 

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ බලය මුළුමනින්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සංගමය සතු වී තිබේ.

ඊයේ(21) පස්වරුවේ කොලඹ ඔපියුලන්ට් හෝටලයේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සංගමය පිහිටුවීමේ අවස්ථාවට මෙතෙක් ශ‍්‍රී ලංකා නිදහස් නීතීඥ සංගමය නියෝජනය කල නීතීඥයින් 600ක පමණ පිරිසක් සහභාගී විය.

නව සංගමයේ සභාපතිවරයා ලෙස ඩබ්. දයරත්න ශ‍්‍රී ලංකා නිදහස් නීතීඥ සංගමය කැදවා ඇති කිසිදු දිනෙක මෙතරම් විශාල නීතීඥයින් පිරිසක් සහභාගී වී නැති බව තතු දත් නීතීවේදීන්ගේ අදහසයි.