FAST NEWS

24×7 Around the Globe

ලාංකික, ගණිකාවක් මැලේසියාවේදී වැඩ පෙන්වයි.

මෙල්සියාවේ ගණිකා වෘතියේ යෙදුන බව කියන ලාංකික කතක් පොලිස් භාරයේ සිටියදී එයින් මිදී පැනගොස් තිබෙනවා.

27 හැවිරිදි මෙම කාන්තාව පොලිස් අත්අඩංගුව යටතේ මැලේසියාවේ ක්වාලාලාම්පුර් රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී එයින් මිදී ගැලවී යාමට සූක්ෂම වී ඇත.

පසුගිය මස 27 වනදා අත්අඩංගුවට ගැනුණු ඇය සතුව වලංගු ගමන් බලපත්‍රයක් නොතිබූ බව වාර්තා වේ.

පොලිස් අත්අඩංගුවේ සිටියදී එම කාන්තාවගේ උදරයේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගතකොට තිබේ.

පොලිස් නිලධාරින් දෙදෙනා රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේදී දෑතේ මාංචු ගලවාගෙන පැන යාමට ඇය දක්ෂ වී තිබේ.

ඒ අනුව එම කාන්තාව සොයා පොලිස් මෙහෙයුම් ආරම්භ කොට ඇති බව මැලේසියානු මාධ්‍ය වාර්තා කොට තිබේ.