ඉන්දියාවේ උත්තර් ප්රදේශයේදී පාසැල් ගිය සිසුවියකට විහිළුවක් කිරීම නිසාවෙන් ප්රසිද්ධියේ ගුටි කෑ තරුණයෙකුගේ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී ඇත.
පාරේ ගමන් කරමින් සිටි සිසුවිය සමීපයට බයිසිකලයෙන් පැමිණි මෙම තරුණයා ඇයට ඔච්චම් කරන්නට වී ඇති අතර එයින් කෝපයට පත් තරුණිය අසල සිටි පිරිසට මේ බව දැනුම් දී ඇත.
පසුව ඔවුන් එක්වී තරුණයාට පහර දී පොලිසිය වෙත රැගෙන යන්නටද කටයුතු කර ඇත.
ඔවුන් සමඟින් සිසුවිද පොලිසිය වෙත ගොස් ඇති අතර ඇයට වැඳ සමාව ගන්නා ලෙස ද පවසන අයුරු මෙම වීඩියෝවේ සටහන් වී ඇත.
එය පහතින් නරඹන්න
[youtube url=”https://www.youtube.com/watch?v=gYGrPPmDE_g” width=”560″ height=”315″]








