ඉරානයේ – ටෙහෙරාන් අගනුවර පැරණිතගම මහල් ගොඩනැගිලි සංකීර්ණය වන මහල් 15කින් සමන්විත ප්ලාස්කෝ ගොඩනැගිල්ල එහි ඇති වූ ගින්නක් හේතුවෙන් ඊයේ(19) කඩා වැටුණි.
ටෙහෙරාන් නගරාධිපතිවරයා සදහන් කළේ ගිනි නිවන භටයන් 20 දෙනෙකු පමණ මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
වසර 55 ක් පැරණි මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ ගින්න හට ගත් අතර, පැය 4 ක් පැවති ගින්න අතරතුර ගොඩනැගිල්ල කඩා වැටෙන අයුරු රූපවාහිනි සේවාව මගින් සජීවි ලෙස විකාශය කරන ලදි.















