FAST NEWS

24×7 Around the Globe

ගවයන් මෙල්ල කරන්න වෙරදරන තමිල්නාඩු මහඇමතිය…

 

තමිල්නාඩුවේ සාම්ප්‍රදායික සංස්කෘතිකාංගයක් වන ජල්ලිකට්ටු හෙවත් ගවයන් මෙල්ල කිරීමේ ක්‍රීඩාව නැවත පැවැත්වීම සදහා ආඥාවක් නිකුත් කිරීමට ප්‍රාන්ත මහඇමති පන්නීර් සෙල්වම් සැරසෙන බව වාර්තා වේ.

ජල්ලිකට්ටු තහනම් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2014 වසරේදී නියෝගයක් නිකුත් කළ අතර, ඊට එරෙහිව තමිල්නාඩු ප්‍රාන්ත රජය අභියාචනයක් ගොනුකරන ලදි.

එහි තීන්දුව ලබාදීමට ආසන්නවද්දී ජල්ලිකට්ටු පිළිබද තමිල්නාඩුවේ නව ප්‍රබෝධයක් ඇති වී තිබේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තහනම අභිබවා යමින් ආඥාවක් නිකුත් කිරීම සදහා තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජිගේ අනුමැතිය ඉල්ලා ඇති බව සදහන්ය.

එම ආඥාව මේ වනවිට ජනාධිපතිවරයා වෙත යවා ඇති අතර, ඔහුගේ අනුමැතිය හිමිවුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණ තහනම නොතකා ජල්ලිකට්ටු පැවැත්වීමට තමිල්නාඩුවාසීන්ට හැකිවනු ඇති.

ජල්ලිකට්ටු නීතිගත කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු වැසියන් චෙන්නායිහි – මරීනා බීච් වෙරළ තීරයට එක්රැස්ව සිටින අතර, සුප්‍රකට සංගීතඥ ඒ.ආර්. රහුමාන් ඒ වෙනුවෙන් උපවාසයක් ද ආරම්භ කර තිබේ.