ලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයෙකු වන නොවැක් ජෙකොවිච් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයේ තරගයකින් පරාජයට පත්වීම නිසා එම තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.
පසුගියවර ශූරයා වූ නොවැක් ජෙකොවිච් මෙවර තරගාවලියේදී ශ්‍රේණිගත කිරීම්හි 117 වැනි ස්ථානයේ පසුවන ඩෙනිස් ස්ටොමින් හමුවේ දෙවැනි වටයේදී අනපේක්ෂිත අයුරින් පරාජයට ලක් වීම මීට හේතුවයි.
හයවරක් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය (2008, 2010, 2012, 2013, 2015, 2016) ජයගෙන ඇති 29 හැවිරිදි ජෙකොවිච් හා 30 හැවිරිදි ඩෙනිස් ඉස්ටොමින් අතර තරගය පැය 04කුත් මිනිත්තු 48 ක් පුරා පැවති අතර, අවසානයේදී ජෙකොවිච්චට පසු බැසීමට සිදුවිය.
මෙම පරාජයේ සුවිශේෂත්වය වන්නේ ජෙකොවිච් 2008 වසරෙන් පසුව පැවති සියලුම ටෙනිස් තරගාවලිහිදී දෙවැනි වටයෙන් ඉවත්ව නොතිබීමයි.
ඩෙනිස් ඉස්ටොමින් හමුවේ පරාජයට පත්ව ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත්වීමත් සමග ජෙකොවිච් පවසා සිටියේ ඩෙනිස් ජයග්‍රහණය සඳහාම තරග කළ බවයි.
“කිසිදු දෙගිඩියාවක් නැහැ. ඔහු ඇත්තටම විශිෂ්ට ක්‍රීඩකයෙක්” යැයි ජෙකොවිච් එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
00:38







