FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගෙන් තරුණියකට ලිංගික අතවර…? (ඡායාරූප)

 

එක්සත් ජනපදයේ නව ජනාධිපති පදවියට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් තරුණියක් ඔහුට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් ගොනු කර තිබේ.

2007 දී ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට ලිංගික අතවර කළ බවට චෝදනා කරන සමර් සර්වොස් පවසන්නේ සිය හැසිරීම පිළිබඳව ඔහු සමස්ත ජාතිය නොමග යැවූ බවයි.

මාධ්‍ය හමුවක් අමතමින් සිය පැමිණිල්ල පිළිබඳව අනාවරණය කළ ඇය පවසන්නේ “බොරුකාරයකු සහ ස්ත්‍රී විරෝධියකු” වන ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට අවමන් කළ සහ පහත් කොට සැලකූ බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සිකුරාදා වොෂින්ටන් නුවර පැවැත්වෙන උත්සවයකදී දිවුරුම් දී ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙසින් වැඩ භාරගැනීමට නියමිතය.

ජනාධිපතිවරණය අවස්ථාවේ ඔහුට එරෙහිව ලිංගික අතවර චෝදනා ගණනාවක් එල්ල වූ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කරන ලදි.

ඡායාරූප පහතින්..

Image result for summer zervos hot