ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් තවදුරටත් සේවය කරන බවත් එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අදහසක් නොමැති බවද සනත් ජයසූරිය මහතා දිනපතා ප්රවෘත්තී පත්රයකට ප්‍රකාශ කර තිබේ.
දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස පරාජය වීම සහ තේරීම් කමිටුවේ තීරණවලට තවත් පාර්ශ්ව අතපෙවීම මත සනත් ජයසූරිය මහතා පසුගිය දිනවල කනස්සල්ලෙන සිටි බවට මාධ්‍ය වාර්තා පළ වුවද ඒ සියලු දේ ඔහු මෙහිදි ප්‍රතික්ෂේප කර ඇත.
“මම අයින් වෙනව කියල මාධ්‍යවල තියෙනව මමත් දැක්කා. නමුත් මගේ එහෙම අදහසක් නැහැ. මම ක්‍රීඩා ඇමැතිවරයා සමග නම් කතා කළා.” යනුවෙන් ජයසූරිය මහතා සඳහන් කර තිබේ.
“දකුණු අප්‍රිකාවේදී අපි පැරදුනේ පිතිකරුවන් ලකුණු ගහපු නැති නිසා බව පැහැදිලිව පෙනෙනවා. ඉතිං පිතිකරුවෝ ලකුණු අතරට එන්නෙ නැතිව තරග දිනන්න බැහැ.” යනුවෙන් දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරග පරාජය පිළිබඳව පවසා ඇත.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩා විලාශයට කවුරු හෝ නිදහසට කරුණු කීවද ඒවා ඵලක් නැති බවත් දැන් අවශ්‍ය වන්නේ එක්දින තරගාවලියට හොඳින් ක්‍රීඩා කිරීම බවත් ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා අවධාරණය කර තිබේ.
“අපි දකුණු අප්‍රිකාවට යනකොට දැනගෙන තමයි ගියේ එහේ තත්ත්වය පිළිබඳව. ඒ හින්ද දැන් පැරදුණාට පස්සෙ තණතීරු වේගවත් සහ නිදහසට කාරණා අවශ්‍ය නැහැ. දැන් තියෙන්නෙ එක්දින තරගාවලියට අවධානය යොමු කිරීමයි. මම විශ්වාස කරනවා එක්දින තරගාවලියේදී කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරාවි කියලා.”
ශ්‍රී ලංකාවට ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස වෙනම සංචිත හැදීමේ අදහස් නැති බවත් දැන් සිටම ඉලක්කය යොමු කරන්නේ 2019 ලෝක කුසලාන සඳහා බවත් පැවසු ජයසුරිය සියලුම දක්ෂ ක්‍රීඩකයන්ට අවස්ථාව දීමට තමා කැපවී සිටින බවත් වැඩිදුරටත් පවසා ඇත.
“අපි දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට අවස්ථාව දෙනවා. අමිල අපොන්සුව ගෙනාවේ අපි. නමුත් ඔහුට දකුණු අප්‍රිකාවේදී අවස්ථාව නැති වුණේ අදක්ෂ නිසා නොවෙයි. එහෙ තණතීරුවලට වේග පන්දු යවන්නන් වැඩි වශයෙන් අවශ්‍ය නිසා. ඒ වගේම පසුගිය කාලයේ හොඳින් පන්දු යෑවූ අලංකාර අසංක ගැනත් අපි අවධානය යොමු කරල තියෙනවා. මේ ක්‍රීඩකයන් දෙන්නම දඟ පන්දු යවන්නන්. ඔවුන් දෙදෙනා දැන් ශ්‍රී ලංකා “ඒ” පිලට නම් කරල තියෙනවා. ඒ වගේ සෑම දක්ෂ ක්‍රීඩකයකුම මග හරින්නෙ නැතිව සුදුසු අවස්ථාවට යොදවනවා.”
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ඉකුත් 2015 ක්‍රිකට් ලෝක කුසලාන සමයේදීද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස වැඩ කළ අතර අනතුරුව ඔහු ඉල්ලා අස්විය.
නැවත වතාවක් වත්මන් ක්‍රිකට් පරිපාලනය විසින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිකම සනත් ජයසූරියට භාර ගන්නා ලෙස කළ ඉල්ලීමෙන් අනතුරුව අදාළ රාජකාරිය භාර ගත්තේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.