FAST NEWS

24×7 Around the Globe

”සෝරත ‍පොඩිනම අපහාසයක්…”

 

මේ කාලයේ දෙරණ නාලිකාවේ විකාශය වන ප්‍රකට සිඳු ටෙලිනාට්‍යයේ සාමණේර චරිතය සංඝ ශාසනය සම්බන්ධයෙන් වැරදි අදහසක් සමාජ ගත කරන බව පූජ්‍ය හෑගොඩ විපස්සී හිමියන් පෙන්වා දී තිබේ.

දරුවන් දෙස හෙලනා දෘෂ්ටියෙන් සාමණේර චරිතය විවරණය කිරීම නොගැළපෙන දෙයක් බවත් එය ඒ ආකාර නොවන සැබෑ සංඝ පරම්පරාව වැරදි අර්ථ දැක්වීමකට ලක්කිරීමක් බවත් පෙන්වා දෙන උන් වහන්සේ ශාසන විනාශය නැමැති අපචාර ක්‍රියාව දරුවකු ලවා මෙම නිර්මාණකරුවන් සිදු කරන බවද දන්වා තිබේ.