FAST NEWS

24×7 Around the Globe

තිලංග මැතිව්ස්ට ස්කයිප් අමතයි – රතු හා සුදු පන්දු ගැන මැත්ව්ස් කියයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණූ අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලිය පරාජය ලැබුවත් එළැඹෙන විස්ස-20 හා එක්දින ක්‍රිකට් තරගාවලි තළදී ජයග්‍රහණය සඳහා වඩාත් විශ්වාසය ගොඩ නගා ගනිමින් තරග කරන බව නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානී තිලංග සුමතිපාල මහතා පැවති මාධ්‍ය වෙත පැවසීය.

මැතිව්ස් හා අඟහරුවාදා (17) ස්කයිප් තාක්ෂණය ඔස්සේ දුරකථන සංවාදයකට එක්වෙමින් ලැබූ ටෙස්ට් පරාජය ගැනත් ඉදිරි තරගාවලිය ගැනත් විමසූ විට දී නායකයා ඉදිරි තරග ගැන වැඩි විශ්වාසයක් ගොඩනගාගෙන සිටින බව පවසා ඇති බව සුමතිපාල මහතා පවසයි.

අපි විශ්වාස කරනවා ඔබ ලැබූ පරාජය ගැන බියවීමක් දැක්වුවහොත් කණ්ඩායමට කෙදිනකවත් දිනන්න බැහැ. මේ නිසා කණ්ඩායමේ ඉදිරි සැලසුම වඩාත් විශ්වාසයෙන් ගොඩනගා ගත යුතු බව ක්‍රිකට් හෙතහ මැතිව්ස් වෙත පවසා ඇත.

ටෙස්ට් තරගවල දී රතු පැහැති පන්දුවෙන් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව  ඉදිරියේ දී විස්ස-20 සහ එක්දින තරගවල දී සුදු පැහැති පන්දුවෙන් ක්‍රීඩා කිරීමේ දී එම අභියෝගයට වඩාත් හොඳින් මුහුණ දෙන බව ද මැතිව්ස් පවසා ඇත.

මෙම හදිසි සාකච්ඡාවේ අරමුණ වී තිබුණේ ලැබූ අමිහිරි පරාජයෙන් පසුව කණ්ඩායමේ විශ්වාසය ඉදිරියට වැඩි කිරීමෙන් ධෛර්යය වැඩි කිරීමත් බව සුමතිපාල මහතා පවසයි.