පුද්ගලයන් තිදෙනෙකුගේ DNA අණු යොදා ගනිමින් නව ක්‍රමවේදයක් ඔස්සේ යුක්‍රේනයේ සිදු කරන ලද නල දරු උපතක් සාර්ථක වී තිබේ.
කීව් නුවර වෛද්‍යවරුන් විසින් ලොව පළමු වතාවට අත්හදා බලන ලද එම ක්‍රමවේදයෙන් දරුවන් නොමැතිව සිටි යුවළකට දාව දරුවෙකු බිහි වී තිබේ.
කෙසේ නමුත් තිදෙනෙකුගේ DNA යොදා ගනිමින් දරුවෙකු බිහි කරන ලද පළමු අවස්ථාව මෙය නොවන බව වාර්තා වන අතර ජනවාරි 05 වැනිදා උපත ලද බිළිඳිය පුද්ගලයන් තිදෙනෙකුගේ DNA යොදා ගනිමින් බිහි කරන ලද ලොව දෙවැනි දරුවා බව විශ්වාස කෙරෙයි.
තරමක් වෙනස් ක්‍රමවේදයක් ඔස්සේ පුද්ගලයන් තිදෙනෙකුගේ DNA යොදා ගනිමින් පසුගිය වසරේ මෙක්සිකෝවේ දී දරුවෙකු බිහිව ඇති අතර කීව් නගරයේ වෛද්‍ය කණ්ඩායම විසින් සිදු කොට ඇත්තේ මවගේ ඩිම්බ සෛලයක් පියාගේ ශුක්‍ර සෛලයක් සමග සංසේචනය කොට එමගින් නිර්මාණය වන DNA අණු වෙනත් කාන්තාවකගේ ඩිම්බ සෛලයකට ඇතුළු කිරීමයි.
ඒ අනුව දරුවාට මව සහ පියාගේ අනන්‍යතාවයෙන් යුත් DNA උරුම වන අතර ඉතාමත් කුඩා ප්‍රමාණයක DNA කොටසක් ඩිම්බ සෛලය පරිත්‍යාග කරන ලද කාන්තාවගෙන් දරුවාට උරුම වේ.
ප්‍රවේනිගත ජාන ආබාධ දරුවන් වෙත උරුම වීමේ අවදානමක සිටින කාන්තාවන් වෙනුවෙන් වෛද්‍යවරු මෙම නව ක්‍රමවේදය නිර්මාණය කර තිබේ.









