FAST NEWS

24×7 Around the Globe

‘අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ මහින්දගෙ ක්‍රමවේදයටයි…’ (වීඩියෝ)

 

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී එක්සත් ජාතික පක්ෂය අනුගමනය කරනු ලබන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ ක්‍රමවේදය බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කලේය.

ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අවසන් තීරණය පාර්ලිමේන්තුව විසින් ගනු ඇති බවයි.

එසේම 13 වන සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදීමක් හිටපු ජනාධිපතිවරයා යෝජනා කර තිබූ අතර එම පොරොන්දුව ඉටුකිරීම වරදක්දැයි අමාත්‍යවරයා එහිදී ප්‍රශ්න කලේය.

වීඩියෝව පහතින්..