FAST NEWS

24×7 Around the Globe

ජනපති බැරැක් ඔබාමා සිරකරුවන් 64 දෙනකුට සමාව දෙයි..

ධුරයෙන් නික්ම යෑමට නියමිත ජනපති බැරැක් ඔබාමා සිරකරුවන් 209 ගේ සිර දඬුවම් කාලය අඩු කිරීමටත් 64 දෙනකුට සමාව දීමටත් කටයුතු කර ඇතැයි ධවල මන්දිරය නිවේදනය කරයි.

ජනාධිපති බැරැක් ඔබාමා මෙන්ම ඔහුගේ කාර්ය මණ්ඩලය ද  සිකුරාදා (20) සිය රාජකාරී කටයුතු අවසන් කිරීමට නියමිතය.

සම්පූර්ණ ධුර කාලයේදී ඔබාමා මේ දක්වා 1,385 දෙනකුගේ සිර දඬුවම් කාලය අඩු කර ඇති අතර 212 දෙනකුට සමාව දී තිබේ.