FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස් පිටුපස පුහුණුකරුවෙකුත් – ක්‍රිකට් අභ්‍යන්තරයෙන් ‍රහසක් හෙළි වෙයි…

 

දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරඟාවලිය දරුණු ලෙස පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ සමාජයේ බොහෝ දෙනා අතර කතිකාවතක් ඇතිව තිබේ.

කෙසේ වෙතත් පසුගිය වසර 3 පුරාවටම ශ්‍රී ලංකාව ලබන මෙම පරාජය වීම් නිසා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්ණ කරන අතර නිමාවූ දකුණු අප්‍රිකා සංචාරයේදීද ක්‍රීඩා විචාරකයින් මැතිව්ස්ගේ නායකත්ව උපක්‍රම පිළිබඳ ප්‍රශ්ණ කරන අයුරු දැක ගැනීමට හැකිවිය.

කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මේ වන විට ක්‍රිකට් ආයතනයේ ඇතැම් ඉහළ නිළිධාරීන් අතරද අසතුට පළවී තිබෙන බව වාර්තාවේ.

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට නායක ඇන්ජලෝ මැතිව්ස් හා එක්තරා පුහුණුකරුවෙකු එක්වී අත්තනෝමතික ලෙස කණ්ඩායමේ තේරීම් කටයුතු වලට බලපෑම් කරන බවත් ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරන බවත් දැනගන්නට ලැබේ.