FAST NEWS

24×7 Around the Globe

ICCය ක්‍රිකට් හෙල්මට් නීතිය අලුත් කරයි…

 

ජාත්‍යන්තර කාන්තා සහ පිරිමි ක්‍රිකට් තරග වලදී ආරක්ෂක හිස්වැසුම් භාවිතය පිළිබඳව නව නීති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පසුගිය දිනක ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව පිතිකරුවන් මෙම ආරක්ෂක මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය නොවන අතර එසේ භාවිතා කරන්නේ නම් එය බ්‍රිතාන්‍ය තත්ත්ව සහතිකයෙන් යුත් BS7928:2013 වර්ගයේ ආරක්ෂක හිස්වැසුම් විය යුතු බව ඔවුහු ප්‍රකාශ කර සිටිති.

එසේම මෙම නව ක්‍රිකට් රෙගුලාසි ලබන පෙබරවාරි 1 වනදා සිට ක්‍රියාත්මක බවට වාර්තා වේ.

මෙම නව රෙගුලාසි පිළිබඳව පිතිකරුවන් දැනුවත් කිරීමෙන් අනතුරුව නීති උල්ලංඝනය කරන තරඟකරුවන්ට අවස්ථා දෙකක් අවවාද කිරීමෙන් පසුව ද එම නීති උල්ලංඝනය කළහොත් නීති කඩ කරන තරඟකරුවන් සදහා තරඟ තහනම් කරන බව ද ඔවුන් තවදුරටත් පවසන ලදි.