FAST NEWS

24×7 Around the Globe

නිරූපමා රාජපක්ෂ ශ්‍රීලනිප සංවිධායකකමින් ඉවතට…!

 

නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුල්කිරිගල ආසන සංවිධායක ධූරයෙන් ඉවත්වීමට සූදානම්වන බව වාර්තා වේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වූ එකම මහින්ද රාජපක්ෂ ඥාතියා සේ සැලැකෙන ඇය මේ තීරණය ගෙන ඇත්තේ දිගින් දිගටම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඇය කැඳවා රස්තියාදු කිරීම නිසා හෙම්බත්ව ඇති බැවින් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

අද (17) ද ඇයව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබූ අතර පසුව ඇයට අද නොඑන ලෙසත් තවත් දින තුනකින් පැමිණෙන ලෙසත් දන්වා තිබූ බව පැවසේ.

කෙසේවුවද, මෙසේ රස්තියදු කිරීම ශ්‍රීලනිපය කෙරෙහි කළකිරවීමට කිසියම් පිරිසකගේ උපක්‍රමයක්ද යන්න පිළිබඳව සැක මතුවන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් පවසා  සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා ඇයට මාමා කෙනෙකු වේ.