FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී මහින්ද දීගයට පෝස්ටර් ඇලවෙයි – එජාපය ආණ්ඩුවෙන් දොට්ට..! (ඡායාරූප)

 

මහින්ද සහ මෛත්‍රි එකමුතුව සාකච්ඡා අරඹයි යන මැයෙන් දිවයින පුරා පොස්ටර් ඇලවීම සිදු කර ඇති බව නන් දෙසින් වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණය දිනවීම සහ ආණ්ඩුව වෙනස් කිරීම යන අරමුණු උදෙසා මෙය සිදු කිරීමට යන වගද එහි සටහන් කර තිබේ.

එසේම එම පෝස්ටර් මගින් කියවෙන ආකාරයට එක්සත් ජාතික පක්ෂ සතුව දැනට පවතින අගමැති ධූරය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙත හිමි වෙනු ඇතැයිද ඉගි පළ වේ.

තවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ශ්‍රිලනිපයේ මහ ඇමතිවරු අතර නුදුරේම විශේෂ සාක්ච්ඡාවක් පැවැත්වෙනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

එම පෝස්ටරය පහතින්..