FAST NEWS

24×7 Around the Globe

සඳ මත අවසන් වරට පා තැබූ මිනිසා ලොවින් සමුගනී…

 

සඳ මත අවසන්වරට පා සටහන් තැබූ ඇමෙරිකානු ගගනගාමී කපිතාන් ජීන් සර්නන් මිය ගොස් තිබේ.

මිය යන විට 82 වියේ පසු වූ ඔහු අවසන් වරට සඳ මත දෙවරක් පා තැබු තිදෙනාගෙන් එක් අයෙකු ලෙස සැලකේ.

සඳ මත අවසන් වරට පා තැබූ මිනිසා ලෙස ඔහු ඉතිහාසයට එක්වුණේ 1972 වසරේදිය.

1934 මාර්තු 14 වැනිදා  කපිතාන් ජීන් සර්නන්, චිකාගෝ හිදි උපත ලැබූ අතර, 1976 දී ඔහු අභ්‍යාවකාශ ගවේෂණවලින් ඉවත් වී ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ විය.

එසේම විදෙස් මාධ්‍ය සඳහන් කළේ සඳ මත පා සටහන් තැබූ ගගනගාමි දොළොස්දෙනාගෙන් හයදෙනෙකු පමණක් මේ වන විට ජීවතුන් අතර සිටින බවයි.

ඔහු සම්බන්ධව සැකසූ වැඩසටහනක් පහතින්..